gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායම "ලාහෝර්" යන්න බැරි බව ක්‍රිකට් ආයතයට කියලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්තු ගතව සිටින ක්‍රීඩකයන් තිස්නව දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දී තිබෙන බව ක්‍රික්බස් වෙබ් අඩවිය සදහන් කරනවා, එම ලිපියේ දැක්වෙන්නේ පාකිස්තානය සමග පැවැත්වෙන තරගාවලියේ තුන්වන විස්සයි විස්ස තරගය සදහා පාකිස්තානයේ ලාහෝර් නුවරට සංචාරය කිරීමට තමන් අකමැති බවත් , එම නිසා තුන්වන විස්සයි විස්ස තරගය සදහා වෙනත් ක්‍රීඩා පිටියක් ලබා දෙන ලෙසටයි, සීමිත ඕවර තරග සදහා නම් කළ සංචිතයේ තිසර පෙරේරා හැර අනෙක් සියලූම ක්‍රීඩකයන් මේ සදහා අත්සන් කර ඇති බවද එම වාර්තා සදහන් කරනවා. මෑතකදි පාකිස්තානයේදී ලෝක කණ්ඩායම සමග පැවැත්වූ තරගාවලියට තිසර පෙරේරා සහභාගී වූනා.

මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් ක්‍රික්බස් වෙබ් අඩවියට පවසා තිබුනේ , හැකි ඉක්මනින් ක්‍රීඩකයන් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවත් , තරගාවලියක් අතරතුර ක්‍රිඩකයන්ට බාධා කීරීමට තමන්ට නොහැකි බවත් ය,

කෙසේ වෙතත් මෙලෙස ක්‍රීඩකයන්ගේ අකමැත්තෙන් ඔවුන් ක්‍රීඩා කිරීමට යැවීම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට මෙන්ම මානසික තත්ව‍යටද එතරම් යහපත් නොවන බව එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබුනා,
gossip lanka