gossip lanka

මාළු මිල පහතට- ආනයනය නැවතීමට ඉල්ලීමක්

දිවයිනේ මත්ස්‍ය අස්වැන්න ඉහළ ගොස් ඇති බැවින් කොප්පරා හා තලපත් හැර සෙසු මත්ස්‍ය ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දකුණු මුහුදු තීරය
ප්‍රමුඛව දිවයිනේ සෑම මුහුදු ප්‍රදේශයකින්ම ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ ගොස් තිබීම  නිසා මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක පමණ මාළු අස්වැන්නක් ලැබීමෙන් මාළු වර්ගවල මිල ගණන් පහළ ගොස් ඇත.

මේ නිසා මාළු මිල ගණන් ස්ථාවරව තබා ගැනීමේ අරමුණින් සාගර තීරයෙන් නෙළා ගත නොහැකි මසුන් වන කොප්පරා හා තලපත් මසුන් වර්ග දෙක හැර සෙසු සියලු මත්ස්‍ය වර්ග හා ටින් මාළු ආනයනය කිරීමද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස  ඉල්ලා සිටි බව එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්ය.



gossip lanka