gossip lanka

වෛද්‍යවරයෙක් පැහැරගෙන ගිහින් !

පොලිස් නිලධාරීන් යැයි පවසා වෛද්‍යවරයෙකු පැහැරගත් පුද්ගලයන් පස් දෙනෙකු කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වලාන දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් යැයි පවසා වෛද්‍යවරයා පැහැර ගෙන ඇති බව පොලීසිය පැවසිය.

ඔවුන් වෛද්‍යවරයාගේ රන් මුදුවක්, රුපියල් දෙදහස් හයසියයක් සහ
රුපියල් ලක්‍ෂයක මුදල් බලෙන් ලබාගැනීමට තැත් කර ඇත.

කල්ලිය ඇතුළේ කාන්තාවනුත් !

සැකකරුවන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවත් පොලීසිය පැවසිය.

ඔවුන් අලූත්කඬේ අංක එක මහේස්තත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.



gossip lanka