gossip lanka

අම්මා නැතිව උපාධිය ගත්ත දුවගේ සංවේදී සටහන

තමන්ට උපාධිය හිමිවන අවස්ථාව වන විට මෑණියන් මියගොස් සිටි දියණියක
ෆේස් බුක් වෙත යොමු කර තිබූ සංවේදී සටහනක් පහත දැක්වේ

කට්ට කාගෙන ඉගෙන ගත්තෙමි
කකුල් දෙක වතුරේ ඔබං


කන්න හරිහැටි නැතිවුනත් බඩ
සමච්චල්කල හැටියත් දරං


අම්මා අප්පා නොවිඳිනා දුක්
වින්ඳ හැටි මහමෙර තරං

ගමට ආවෙමි හෙටක් උදෙසා
උපාධිය තුරුලට අරං

හිනා විතරක් මගේ මුවගේ
අනේ රැඳිලා තිබුනානං

කවරදාවත් කඳුලු එන්නෑ
අම්මේ අද නුබ උන්නානං

බඩට වේලක් නොකා මගෙ මග
මේතරම් දුර හැදුවානං

කොච්චරක් සතුටුයිද අම්මේ
අනේ නුබ අද හිටියානං


gossip lanka