gossip lanka

දිමුත් රෝස පන්දුවෙන් වාර්තා පොත් අතරට

දිවා රාත්‍රි ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න අද ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් විය.

ඒ නොදැවි ලකුණු 120 වාර්තා කරමින්.

මෙලෙස ඔහු ලබා ගත්තේ සිය ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වන අතර
එය පාකිස්ථානයට එරෙහි දෙවැනි ශතකය ද වෙයි.

මෙහිදී රෝස පැහැති පන්දුවෙන් දිමුත් මෙම ශතකය ලබා ගැනීමට වාසනාවන්ත වීම ද විශේෂත්වයක්

ඒ අනුව මේ වන විට ලකුණු 22ක් ලබා දිමුත් සමග අනෙක් කඩුල්ලෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ නායක දිනේෂ් චන්දිමාල්.




gossip lanka