gossip lanka

ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එක්දින තරග 6 ක තහනමක් පනවා තිබෙනවා. 

ඒ විනය විරෝධීව හැසිරීමේ චෝදනා මතයි.

පසුගියදා අවසන් වු ඉන්දියාව සමග පැවති තරගාවලිය අතරතුර ඔහු විනය විරෝධීව හැසිරී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිලි අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
විනය කමිටුව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එහිදී එළඹුනු තීරණවලට අනුවයි මෙම තරග තහනම පනවා ඇත්තේ.

මේ හේතුවෙන් පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ සංචිතයට ද ධනුෂ්ක ගුණතිලක ඇතුලත් වුයේ නැහැ.

මේ අතර එම සංචිතයෙන් ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් ද ඉවත්කර තිබෙනවා.

gossip lanka