gossip lanka

ලංකාවේ පිළිකා රෝගීන්ට ඇමෙරිකානුවන් කෙස් දන්දේ.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක හෝප් වැඩසටහන සඳහා ඇමෙරිකානු සෙබළියන් සිය කෙස් දන් දී ඇත. මෙහිදි ඔවුන් ලබාදෙන කෙස් උපයෝගී කරගෙන පිළිකා රෝගයෙන්

 සුවය ලැබූ කාන්තාවන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් නිර්මාණය කරයි.
ශ්‍රී ලංකාවට පැමිණ ඇති අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රන්ස්ටොන් නෞකාවේ සේවය කරන නාවික කාන්තා සෙබළියන් හිසකෙස් දන්දීම සිදු කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාද එක්විය.

gossip lanka