අක්මීමන හිමි සතියකට ඇතුළට

ගල්කිස්සේ රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු අනෙක්  සැකකරුවන් හත් දෙනා යළි එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ දයාරතන හිමියන් ඇතුළු අනෙකුත් පිරිස ගල්කිස්ස මහේස්‍ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. අද (09දා) ඔවුහු දෙවැනි අවස්ථාවටත් අධිකරණය ඉදිරිපත් කළෝය.