gossip lanka

ජනපති මායිමේ පර්ච්එක කෝටි 3ට නගියි !

ගතවූ වර්ෂයක කාලයේ කොළඹ නගරයේ ඉඩම් මිල 36%කින් ඉහල ගොස් ඇති බව ජාතික නිවාස මිල දර්ශකය පෙන්වාදී තිබේ.

කොළඹ නගරයට ආසන්නයේ මෙන්ම රටවටේම ඉඩම් මිල සීඝ්‍රව ඉහල ගොස් ඇති බව එහි දැක්වේ.

එසේම ආයෝජන කේෂත්‍රය තුළ ඵලදායීම ආයෝජනය ඉඩම් සඳහා
ආයෝජනය බව මේ අතර මෙරට ආයෝජකයෝ කියා සිටිති.

කොළඹ 01 (කොටුව), කොළඹ 2 (කොම්පඤ්ඤවීදිය), කොළඹ 03 (කොල්ලුපිටිය) හා කොළඹ 07 (කුරුඳුවත්ත) යන ප්‍රදේශ මෙරට ඉඩම් වටිනාකම වැඩිම ප්‍රදේශ ලෙස සැලැකේ.

කෙසේවුවද, කොළඹ 09 (දෙමටගොඩ), කොළඹ 13 (කොටහේන) කොළඹ 14 (ග්‍රෑන්ඩ්පාස්) හා කොළඹ 15 (මට්ටක්කුලිය) කොළඹට ආසන්නවුවද අවම ඉඩම් මිලක් ඇති ප්‍රදේශ සේ වාර්තා වේ.

කොටුව ජනාධිපති මන්දිරය ආසල ඉඩම් පර්චසයක මිල රුපියල් කෝටි 03 ඉක්මවන බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ඉඩම් ව්‍යාපාරිකයන් පෙන්වාදෙන්නේ කොළඹ ඉඩමක් රැගෙන ගෙයක් ඉදිකිරීමට වඩා කොළඹින් මහල් නිවාසයක් මිලදී ගැනීම ලාභදායක බවයි.




gossip lanka