gossip lanka

මැගි නූඞ්ල්ස්වල ඊයම් ඇතිදැයි පරීක්‍ෂණයක් ඉල්ලයි..

මැගී නූඩීලස්වල ඊයම් අඩංගු දැයි නැවත පරීක්ෂා කර බැලිය යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යවා ඇති ලිපියක් පහත දැක්වෙයි.


එම්. ඩබ්ලිව් . ජයසුන්දර මහතා
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඔ 10

අධ්‍යක්ෂක ජනරාල්තුමනි”

ලාංකික ජනතාවගේ   රුධිරයේ ඊයම් අන්තර්ගතයයි සෞඛ්‍ය අංශ විසින් කරන ලද ප්‍රකාශය සම්න්ධව‘

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාරවල වසවිස විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂක වෛද්‍ය. ටී.බී ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කරන්නේ ජනතාව ආහාරයට ගනුලබන සහල් සහ එළවලු තුල සැළකියයුතු මට්ටමක ඊය අඩංගු බවත් ඒවා ආහාරයට ගනු ලබන ජනතාවගේ රුධිරයේ ඊයම් අඩංගු බව තම පරීක්ෂණවරලින් සොයාගත් බවයි.

1980 ආහාර පනත අනුව මෙරට ආහාර පිළිබදව නිසි බලධාරියා වන ඔබගෙන් අප සංවිධානය ප්‍රශ්ණ කරනුයේ සහල් සහ එළවලු වල ඊයම් අඩංගු නම් ඒ පිළිබදව වගකිවයුත්තේ මෙරට පාරිභෝගිකයාද යන්නයි. මීට පෙර අප සංවිධානය විසින් මෙම තත්වය පිළිබදව ඔබ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද මෙම අවස්ථාවේ  ඔබට මතක් කණගාටුවෙන් මතක් කරමි.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අප රටේ  සමස්ත පාරිභෝගිකයාටය. ජනතාව ලෙඩ රෝගවලට නිරාවරණය කොට අඩුමිලට බෙහෙත් ද්‍රව්‍ය හා වෙනත් උපකරණ ලබා දීමට කටයුතු කරනවායි කයිවාරු ගසන සෞඛ්‍ය අමාත්‍යාවරයෙකු සිටින රටක  සමීක්ෂණ වාර්තා මගින් මෙවැනි කරුණු හෙළිවීම අපට පුදුමයක් නොවේ.

පාලන මිලක් නොමැතිව වැඩි මුදලක් ගෙවා අප පාරිභෝගිකයින්ට ඊයම් අඩංගු සහල් පාරිභෝජනය කිරීමට සිදුවීම සබන්ධයෙන් මෙරට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ඔබත් සෞඛ්‍ය අමාත්‍යවරයාත් ලැජ්ජවිය යුතුය. බෙහෙත් මිල අඩු කිරීම පිළිබදව අමාත්‍යවරයාට ස්තුති කරමින් රට පුරා  පෝස්ටර් ඇලවීමට හා දැන්වීම් ඇලවීම සදහා ඇමතිවරයාගේ හෙංචයියලාට වියදම් කරන ජනතා මුදලෙන් මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීමට කටයුතු කරන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාරවල වසවිස විශ්ලේෂනයේ කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂක වෛද්‍ය. ටී.බී ආනන්ද ජයලාල් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එලවලුවල සහ සහල්වල ඊයම් අඩංගු නිසා තුන්වෙලටම බත් සහ එළවලු පරිභෝජනයෙන් වැලකෙන ලෙසයි. මෙරට තුන්වේලම බත් කෑ ජනතාවක් සිටින රටක වසවිසෙන් තොරව ජනතාවට සහල් සහ එළවලු ලබා දීමට අසමත් සෞඛ්‍ය බළධාරීන් සූදානම් වන්නේ අතීසාරයට අමුඩ ගැසීමටයයි අප චෝදනා කරන්නේ සහල් සහ එලවලු වල පමණක් නොව ක්ෂණික නූඩීලස් ඇතුලු වෙනත් ආහාරවලද ඊයම් අඩංගු බැවිනි. මක්නිසාදයත් නෙස්ලේ සමාගම නිෂ්පාදනය කරනු ලබන මැගී නූඩ්ල්ස් වල අධිකව ඊයම් අඩංගු වූ බැවින් ඉන්දියාවේ දී කාලයක් මැගී නූඩීලස් තහනම් කරන ලදී. එබැවින් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටන්නේ නෙස්ලේ සමාගම නිෂ්පාදනය කර අලෙවි කරන මැගී නූඩීලස්වල ඊයම් අඩංගු දැයි නැවත පරීක්ෂා කර බලන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාරවල වසවිස විශ්ලේෂනයේ කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂක වෛද්‍ය. ටී.බී ආනන්ද ජයලාල් මහතා කරන ප්‍රකාශය සමිබන්ධයෙන් මෙරට ආහාර පිළිබද නිසිබලධාරියා වන ඔබගේ ප්‍රතිචාරය පිළිබදව අප බලා සිටින අතර ඉතා ඉක්මනින් මෙරට සහල් එලවලු වල පමණක් නොව සියලු අහාරවල අන්තර්ගත වසවිසෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා කටයුතු කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට ඔබ අපොහොසත් වන්නේ නම් එසේ කිරීමට දැනුමක් හා හැකියාවක් ඇති අයෙකුට එම අවස්ථාව ලබා දෙන ලෙසත්ය.

ස්තුතියි මෙයට

රංජිත් විතානගේ
සභාපති



gossip lanka