gossip lanka

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සරණාගතයන් ලෙස ශ‍්‍රී ලංකාවට..

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් 30 දෙනෙකු සරණාගතයන් ලෙස මෙරටට පැමිණ සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ජනතාව තම මව්බිමට පිටත් කර යැවීමට කටයුතු කල යුතු බවත් හෙල බොදු සවිය සංවිධානය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත
යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති මන්දිරය, කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමණි,

මියන්මාර් අර්බුදය සැබැ තත්වය හදුනා ගනිමු.

බුරුම දේශය හෙවත් මියර්මාර් දේශය ධර්මාශෝක අධිරාජ්‍යාගේ බුදු දහම ප්‍රචාරය කිරිමේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ලැබුණ බෞද්ධ රටකි. එදා මෙදා තුර ලංකාව හා මියන්මාර් රාජ්‍ය අතර දිගු කලක සිට ආගමික ශාසනික මෙන්ම දේශපාලනික වශයෙන් ඉතා සමීප සබඳතාවක් පැවතුනි. බෞද්ධ ජනතාව බහුතරයක්  සහිත මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයට බංගලිදේශයෙන් පැමිණි රෝහින්ග්‍යා මුස්ලීම් අන්තවාදිගෙන් බොහෝ කරදර සිදුවෙමින් ඇත.

අද වන විට ලෝකය පුරාම ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව සමාජ දේශපලන ආර්ථික ආගමික වශයෙන් දැඩි විරෝධයක් ගොඩනැගෙමින් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්  මියන්මාර් රාජ්‍ය ද තම දේශය ත්‍රස්වාදයෙන් මුදා ගැනිම සඳහා රොහින්ග්‍යා ඉස්ලාමීය ජිහාඩ් කල්ලිවලට එරෙහිව පසුගිය මාසයේ මියන්මාර් හමුදා මෙහෙයුම් ආරම්භ වීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් දේශසීමා තරණය කොට බංග්ලාදේශය හා ඉන්දියාවට ද පලාගොස් ඇත. සිදු විය යුත්තේ ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩිදෙන ගල්ෆ් කලාපයේ රටවල් මෙම ජනතාව භාරගැනිමය. එසේම මියන්මාර් රාජ්‍යයට ආසන්නයේ තිබෙන්නේ සිංගප්පුරුව, මැලේසියාව හා ඉන්දුනිසියාවයි. එම රටවල් බොහෝමයක් ඉස්ලාම් දහම පිළිගන්නා රටවල්ය. එම රටවල් මේ ජනතාව භාරගත යුතුය. අප වැනි රටවල් එම සරණාගතයන්ට පිහිටුවීමට පෙර මෙරට ස්වාභාවික ආපදා වලින් පීඩාවට පත් ජනතාවට පිහිටවීම රජයේ පළමු කාර්යය විය යුතුය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනටමත් ලංකාවට මෙම රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සරණාගතයන් ලෙස පැමිණෙමින් ඇත. කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මිට කලින් පැමිණි පිරිසකට ලංකාවේ පුරවැසිභාවය ලබාදී ඇති බව ද වාර්තා වේ.

එම ජනතාව තම මව්බිමට පිටත් කර යැවීමට කටයුතු කල යුතුය. එසේම මේ සරණාගතයන් ලෙස පැමිණි ජනතාව මෙහි නතර නොවීමට ආගමන විගමන නීති දැඩි කල යුතුය.  මේ සම්බන්ධයෙන් ඔබ රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රකාශකර සිටියේ එම ජනතාවට ලංකා රජය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දිය යුතු බවයි. මෙරට සිටින මුස්ලිම් දේශපාලකයන් මියන්මාර් තනාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරමින් අවුන් සාන් සුකි අගමැතිනිය ඉල්ලා අස්විය යුතු යැයි හඩනගන ලදි. ඇයට ලැබි ඇති නොබෙල් ත්‍යාගය ඉවත් කළයුතු බව කියා සිටිති. ඒ සඳහා ද වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පළත් සභා මන්ත්‍රිවරුන්  සහභාගි වී සිටිය.  එහි දි  ප්‍රකාශ වු කාරණා වත්මන් රජයේ ප්‍රතිපත්තිය ද යන්න මෙරට ජනතාව ඔබතුමාගෙන්  දැන ගැනිමට කැමැත්තෙමි. එම නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

බුදුගල ජිනවංස හිමි
සභාපති

පිටපත් – තනාපතිතුමා, මියන්මාර් තානාපති කාර්යාලය


gossip lanka