gossip lanka

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 419යි - චන්දිමාල්ගෙන් නායකත්වයේ ඉනිමක්

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩාම සියලු දෙනා දැවී ලකුණු 419ක් ලබා ගත්තේය.

මෙහිදී කැපී පෙනෙන නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්  නොදැවී ලකුණු 155ක් ලබා ගත් අතර දිමුත් කරුණා රත්න
ලකුණු 93ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 83ක් රැස් කළේය.

පකිස්තානය වෙනුවෙන්  වේගපන්දු යවන මොහොමඩ්  අබාස්  ලකුණු 75 ට කඩුළු 3ක් ලබා ගත් අතර දඟපන්දු යවන යසීර් ෂා ලකුණු 120ක් ලබා දී කඩුළු 3ක් ලබා ගත්තේය.             




gossip lanka