gossip lanka

ඩයලොග් සබඳතා පැය කිහිපයකට අවුල්වේ

ඊයේ (20) ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් විය.
වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුනි. ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මකවී නැත.

ඩයලොග් සමාගමේ සාමාන්‍යධිකාරීවරයා මෙම තත්වය

ඉක්මණින් විසඳීමට කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර ට්විටර් හරහා පාරිභෝගිකයන්ගෙන් විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් සමාගමේ ට්විටර් ගිණුමේ
"දැනට අපි ජාලයේ දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අතර අපගේ කණ්ඩායම ඒ වෙනුවෙන් වැඩ කරයි." යන සටහනද නිල ෆේස්බුක් පිටුවේ "අපගේ පාරිභෝගිකයින්ට අපහසුතා නිසා ඇමතුම් ලබාගැනීම හෝ අපහසුතාවට පත්වීමට අපහසු වනු ඇති බව දැනුම් දීමට කැමැත්තෙමු. යාවත්කාලීනයන් නිසා ඇතිවන අපහසුතා ගැන අපි කණගාටු වෙමු. " යනුවෙන් දක්වා තිබුණි.

ෆේස් බුක් පණිවිඩයට අනුව සිදුව ඇත්තේ යාවත්කාල කිරීමකි.

පැය ගණනක් තිස්සේ ජාල සේවා බිඳවැටී අවම වශයෙන් පැය දෙකක කාලයක් හා උපරිමව ඊට වැඩි කාලයක් ගතවී යථා තත්වයට පත්ව ඇතැයි පසුව වාර්තා විය.ඩයලොග් සමාගම මිලියන 11 කට වැඩි ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සිටින අතර ලංකාවේ සෑම පළාතකටම ප්‍රාථමික මධ්‍යස්ථාන 2600 කට අධික සංඛ්‍යාවක් මෙම ගැටලුවට ලක් විය.



gossip lanka