පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහලට..

එන ඔක්තොම්බර් මාසයේ පටන් තම බෙදුම්හල්වලින් බෙදා හරින ඞීසල් හා පෙට‍්‍රල් මිල ගණන් ඉහල දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සදහන් කරයි.

කුමන මිලකින් ඉන්ධන ඉහල දමන්නේදැයි මෙතෙක් තීරණය කර නැති බවද සමාගම පවසයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඩු කිරීම සිදු නොකරන්නේ නම් මිල වැඩි කිරීමට සිදුවන බව මේ වන විටත්

කෝටි 3900ක කුඩු වලට ගිනිතියන්න ජනපති අණදෙයි !

පොලිසිය හා මත්ද්‍රව්‍ය නාශක අංශ මගින් අත්අඩංගුවට ගෙන කාලයක් තිස්සේ ගබඩාකර තිබූ වෙළෙඳ පොළ වටිනාකම අනුව රුපියල් කෝටි 3,900 කට පමණ ආසන්න වටිනාකමක් ඇති මත්කුඩු හා කොකේන් තොගයක් ඉතිහාසයේ පළමුවරට ප්‍රසිද්ධියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

ඔක්තෝබර් 1 වනදා 12ට අඩු 60ට වැඩි අයට සත්තුවත්ත උද්භිද උද්‍යාන නොමිලේ

ලෝක ළමා හා වැඩිහිටි දිනය (ඔක්තෝම්බර් 01දා) වෙනුවෙන් සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට අවුරුදු 12ට අඩු දරුවන්, පාසැල් දරුවන් හා වැඩිහිටියන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

ඥානසාර හිමියන්ට නඩු නෑ

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමක්‌ සිදු නොකරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය ඊයේ (29 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මහතා හමුවේ ඉල්ලීමක්‌ කරමින් වැඩිදුර වාර්තාවක්‌ මඟින් කරුණු

අබුඩාබි ක්‍රිකට් සංචාරයෙන් සහයකයින් 2ක් එළියට !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ නිරන්තරයෙන්ම සංචාරය කළ සහයකයින් දෙදෙනෙකු පාකිස්තානය සමඟ තරග වැදීමට අබුඩාබි බලා ගිය කණාඩයමෙන් ඉවත්කර තිබේ.

ඒ වෙනුවට වෙනත් සහයකයින් දෙදෙනෙකු රැගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ ඉවත්කර ඇත්තේ පිතිකරුවන්ට පන්දු විසිකිරීමට හා පන්දු රැකීමේ

පොල් මිල මෙල්ල කරන්න සඳුදා සිට එන අලුත් වැඩේ මෙන්න

වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යැම පාලනය කිරීම සඳහා රුපියල් 70 ක සහතික මිලකට ලබන සඳුදා (02 දා) සිට පොල් අලෙවි කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා ස.තො.ස සහ ජංගම ලොරි රථ

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 419යි - චන්දිමාල්ගෙන් නායකත්වයේ ඉනිමක්

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩාම සියලු දෙනා දැවී ලකුණු 419ක් ලබා ගත්තේය.

මෙහිදී කැපී පෙනෙන නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්  නොදැවී ලකුණු 155ක් ලබා ගත් අතර දිමුත් කරුණා රත්න

චන්දිමාල් 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (29දා) සමත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මේ වන විට
අබුඩාබි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම තුළදීය.

ඔහු පන්දු 273කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එයට හතරේ පහර

උතුරු කොරියානුවන්ට වීසා සීමා කරන්න රජය තීරණයක

උතුරු කොරියානුවන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සීමා කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පුළුල් සාකච්ඡාවක් අරඹා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ලොව රටවල විරෝධය මධ්‍යයේ උතුරු කොරියාව දිගින්

අඹු සැමි යුවළක් අමුතුම අකාරයට පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලයි..!

සුපිරි දෙමහල් නිවසක පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් සහ කළමණාකරු පෙරේදා (27) දා සවස අතුඅඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.

තලංගම කොස්වත්ත ප්‍රෙද්ශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා

උතුරුමැද ශ්‍රීලනිප මන්ත්‍රීවරු 10ක් පොදුජන පෙරමුණට

උතුරු මැද පළාත් සභාවේ හිටපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 10 දෙනෙකු අද (29) පොදු ජන පෙරමුණට එක්වුණා. ඒ, හිටපු පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත්ගේ නිවසේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, හිටපු අමාත්‍ය එස්.බී සේමසිංහ, හිටපු අමාත්‍ය කේ. එච් නන්දසේන, සරත් වීරසිංහ, කේ.පී.එස් කුමාරසිරි,

1167 ක් එල්ලුම්ගස් පෝලිමේ… ඒ අතර කාන්තාවන් 37ක්…

විද්‍යා ඝාතකයන්ට මරණීය දණ්‌ඩනය නියම කිරීමත් සමඟ මේ වන විට මරණ දඬුවම නියම වී මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව එක්‌දහස්‌ එකසිය හැට හතක්‌ (1167) දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ අතර මරණ දඬුවම නියම වූ කාන්තාවෝ 37 දෙනෙක්‌ වෙති.

දිගම සාරි පොටේ ගිනස් වාර්තාව අවලංගු වෙයි – මෙන්න හේතුව

මේ ටිකේ ලංකාවම හිටියේ මනාලියකගේ සාරි පොටේ එල්ලිලා. ඉස්කෝලේ ළමයි සාරි පොට උස්සන්න ගත්ත එක වැරදියි කියලයි හැමෝම කිවුවේ. හැබැයි ඒ අතර ටික දෙනෙක් කිවුවේ ඒකෙ ඇති වැරද්දක් නැහැ කියලයි.

කොහොම වුනත් මේ ප්‍රශ්නේ ගැන ගිනස් වාර්තා පොතටත් ආරංචි වුණා.

මන්ත්‍රී විමලවීර දිසානායකගේ රථයේ ගැටී අයෙක් මරුට

පාර්ලිමේන්තු  මන්ත්‍රී විමලවීර දිසානායක ගමන් කළ මෝටර් රථය යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 
පුද්ගලයෙකු මියගොස් ඇත.
අද අළුයම 1.00ට පමණ අම්පාර  - නුවර මාර්ගයේ අම්පාර, කරංගාව ජනරජ විදුහල ඉදිරිපිටදී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් කළ අය අම්පාර මහ රෝහලට ඇතුළත් කිරිමේදී එක් අයෙකු මියගොස් ඇත.

ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ.

පන්නිපිටියේ බෝඩිං කාමරේදී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්ගේ අවසන් කටයුතු අද සවස තිහාරිය මල්වත්ත සුසාන භූමියේදී සිදු කෙරෙණි. එම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ මිතුරන්,

නව පනතට එරෙහිව සරත්.එන්. සිල්වාගෙන් පෙත්සමක්

පළාත් සභා සංශෝධන පනත්කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

අම්මලාගේ විභාගයට වැට බඳින්න සැලසුමක්

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පිළිබඳව දැනට කෙරෙන සංශෝධන කටයුතු අවසන් වූ විගස පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවැති

වඳ සැත්කම කරන්නේ රිලවටද රිලවියටද?

මාතලේ කෑගල්ල වැනි බහුලව සුළු අපනයන වගාවන් සිදුකරන ප්‍රදේශවල රිලා ගහණය ඉහළ යාම මහත් ගැටලුවක් වී ඇති බව වාර්තාවේ.

රිළවුන් පොල්ගස්වලටද කරන හානිය බරපතල වී ඇති බැවින් පොල් හිඟතාවයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල  රුපියල් 95 ත් 100 ත් අතර මිලකට අලෙවි වන බව පැවසේ.

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නට දුක සිතී 21 තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි..!

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පසුගියදා (25)  රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර

රුපියල් 100 ට විකුණූ පරණ පත්තර ගොඬේ ලක්ෂ 3 ක්

පරණ පත්තර සහ අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු රුපියල් 100කට මිලදී ගත් පත්තර මිටියක තිබූ රුපියල් ලක්ෂ තුනක මුදලක් එහි අයිතිකරුට බාරදීමේ සිද්ධියක් හොරණින් වාර්තා වේ.හොරණ, පෝරුවදණ්ඩ, පැලවිටිගොඩ අංක 138 ලිපිනයේ පදිංචි ආර්. කරුණාරත්න මහතා කුඩා ලොරියකින් හොරණ සහ අවට ප්‍රදේශවල

හතර වසරේ සිසුවාට පන්ති භාර සර් අසැබි දසුන් පෙන්නලා

තන්තිරිමලය මහ සියඹලෑව අශෝක මහා විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නැව හැවිරිදි බාලවයස්කාර සිසුවකුට ජංගම දුරකතනයේ ගබඩා කර ගත් අසභ්‍ය වීඩියෝ දර්ශන හා අසභ්‍ය ඡායාරූප පෙන්වූ 47 හැවිරිදි පන්තිභාර ගුරුවරයා තන්තිරිමලය පොලීසිය පෙරේදා (26) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මීට දින හතරකට පමණ ඉහතදී හතර වැනි ශ්‍රේණියේ පන්ති භාර

අකිලගෙන් පාසල් පෙළපොත් සඳහා වව්චර්

පාසල් පෙළපොත් සදහා ඉදිරියේදී වව්චර් ක්‍රමයක් හදුන්වාදිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පෙළපොත් මුද්‍රණයේ දී සිදුවන අධික වියදම අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රමය හදුන්වාදීමට සූදානම් බව ඔහු සඳහන් කෙරුවා.

ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බව

ජයග්‍රහණයේ පිපාසය සමග 'ශ්‍රී ලංකාව අද' වැලිකතරේ කි‍්‍රකට් පිටියට

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (28) ආරම්භ වනවා. 

එ් අබුඩාබි හි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගණයේදීයි.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට ටෙස්ට් තරගයක්

2017 නොබෙල් සාම තෑග්ගට ජනපති මෛත්‍රීගේ නම යෝජනා වෙයි !

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව ඔස්ලෝ හි ‘සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම ආයතනය රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී

ආප්පේ 15 ට යයි !

වෙළඳ පොළ තුළ භාණ්ඩ මිල උච්චාවචනය වීම හා ගෑස් මිල ඉහලයාම හේතුවෙන් ආහාර පානවලද මිල ඉහල දැමීට සිදුව ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 20/- ක උපරිම මිලකටද, බත් පැකට්ටුවක් රුපියල් 130/-ක්, ආප්පයක් රුපියල් 14ක් හා කිරි තේ

"බාබුල්" කමින් ධාවනයේ යෙදෙන බස්‌ රියදුරෝ

මාර්ග අංක 138 කොට්‌ටාව - පිටකොටුව, හෝමාගම - පිටකොටුව සහ මහරගම - පිටකොටුව අතර ධාවනය වන පෞද්ගලික බස්‌රථ සේවකයන් මත්ද්‍රව්‍ය පානය කර සේවයේ යෙදෙන්නේදැයි සොයා බැලීමට වැටලීම් සිදුකරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ අංක 04 ප්‍රාදේශීය කාර්යාලය පවසයි.

මෙම සේවකයන් වැඩිදෙනා බස්‌ රථ ධාවනයේ යෙදෙන අතරතුර

බාල වයසේ දැරියෝ පියවරුන්ගේ අතවරයට!

මවුවරුන්ගේ රැකවරණ නොලැබෙන සමහර පවුල්වල බාලවයස්‌කාර දැරියන් සිය පියවරුන් ගෙන් ලිංගික අතවරයන්ට ලක්‌වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් සති දෙක තුළදී 13 හැවිරිදි වියේ පසු වන දැරියන් දෙදෙනකු පියවරුන්ගේ ලිංගික අතවරයට ලක්‌ වී ඇතැයි වැලිපැන්න හා

ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් නීති හෙට ඇරඹෙන ශ‍්‍රී ලංකා - පාකිස්ථාන පළමු සටනේ සිට බලාත්මක කෙරේ

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අලුතින් හඳුන්වා දුන් නව නීති ක‍්‍රියාත්මක වීම හෙට (28) සිට සිදු වනවා.

ඒ,  ශ‍්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිටයි.

නව නීතිවලට අනුව ටෙස්ට් තරගයක් සඳහා නම් කළ හැකි ආදේශක

18ට අඩු ළමුන්ට වාහන දෙන මවුපියන්ට වැඩ වරදී

බාල වයස්කාර දරුවන්ට වාහන පැදවීමට ඉඩදෙන මවුපියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු යොදන බව මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරයි.

අවුරුදු 18ට අඩු සහ රියැදුරු බලපත් නොමැති දරුවන්ට ඇතැම් මවුපියන් හා භාරකරුවන් වාහන පැදවීමට ඉඩදීම නිසා ගතවූ කාලසීමාව තුළ

දරුණු අපරාධකරුවෙක් කෑම වෙලාවෙදී හිරෙන් පනී

බරපතල ගණයේ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 20කට වැඩි සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙක් දුම්බර බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බව වාර්තාවේ.

ඔහු සොයා මේ වන විට විමර්ශන ආරම්භ වී ඇති අතර ඊයේ පෙරවරුවේ දෛනික ගණන් ගැනීම සඳහා රැඳවූවන් වාට්ටුවලින් ඉවතට ගැනීමෙන්

රංගන ශිල්පී දසුන්ගේ මරණය ගැන ජංගම දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස් පරීක්ෂණ අරඹයි

නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්-ගේ  සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම් සහ අනෙකුත්

කාලා හමාරයි.බත් පැකට් එකත් එක්ක මිල වැඩිවෙන ආහාර වර්ග 3 මෙන්න

ඊයේ දිනයේදී ලිට්රෝ ගෑස්වල මිල වැඩිවීමත් සමඟම ඉදිරියේදී ආහාරවල මිලත් වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය  අද දිනයේදී රැස්වී මේ ගැන තීරණයක් ගැනීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.බත් පැකට් එකට අමතර කිරි තේ සහ කෙටි ආහාරවල මිලත් ඒ අනුව වැඩි වෙනු ඇති.මේ වන විට වෙළඳපොලේ බත් පැකට්

සංගීත සංදර්ශන දෙකකට ගියොත් බදු - මධුමාධව

ගායකයෙකුට සංගීත සංදර්ශන දෙකක ගීත ගායනා කළහොත් බදු ගෙවීමට සිදුව ඇතැයි ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පවසයි.

එසේම නළුවෙකු හෝ නිළියක යම් නිර්මාණයකට ගිවිසුම් ගත වුවහොත් ලැබෙන මුදල අනුව බදුගෙවීමට සිදුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් බොහෝ කලාකරුවන් අසරණ වී තිබෙන බව පැවසූ

වැඩිපුරම සිය දිවි නසාගන්නා ප්‍රදේශය කටුගස්තොට

ශ්‍රී  ලංකාවේ වැඩිපුරම සිය දිවි නසාගන්නා පළාත  මධ්‍යම පළාත බවත් පොලිස්  කොට්ඨාශය කටුගස්තොට බවත් නවතම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ අනුව දිනකට අඩුම වශයෙන්  30 දෙනෙක්  දිවිනසාගන්න උත්සාහ

පොකට් ගසා ATM කාඩ් පතින් Shopping කල දෙදරු මව අත්අඩංගුවට

හැටන් නගරයේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් තුලදි මුදල් පසුමිබියක් සොරකම් කරන ලද දෙදරු මවක් හැටන් පොලිසිය මගින් පෙරේදා (23.09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාව ඉකුත් (20.09) වැනිදා කෝවිලට යන අවස්ථාවේ එහි පුජාවකට පැමිණ සිටි අලුත විවහා වු යුවලක් විසින් එම

මවට පියාට වඳින්න දන්නැති උසස් පෙළ සිසුන්ට පොලිස් පාඩමක්

මවට වඳින ගාථාව කියන්න ….දන්නේ නෑ
පියාට වඳින ගාථාව කියන්න …. මුල් පද අමතකයි සර්.
ශ්‍රී ලංකාවේ අගමැති කවුද? රවී කරුණානායක

ඉහත දඳහන් කෙරුනේ ඉකුත් දිනක පෙරවරුවේ ගලේවෙල පොලිසියට පැමිණ සිටි ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ විදුහලක උසස් පෙළ පන්තියේ

සියත ක්‍රිකට් නිල විකාශය සියතට ගනී

පාකිස්තාන් - ශ්‍රි ලංකා ක්‍රිකට් සංචාරයේ නිල රූපවාහිනි විකාශන අයිතිය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයට අයත් 'සියත' රුපවාහිනිය විසින් පවරා ගනී.

මෙම ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතියට අදාළ ගිවිසුමට එම

පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කළින් පිටවෙලා ලු

මෙවර පරිපාලන සේවා තරග විභාගයේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි ඊට පෙනී සිටි අයදුම්කරුවන් සැක පළ කරනවා.

ඔවුන් පැවසුවේ බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයේදී මෙම අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූවෙක් සඳහන් කළේ "මම මේ ප්‍රශ්න පත්‍රය ලියලා ගෙදර

දෙහිවල සත්තු වත්තේ වීදුරුවට පනින අලුතින් ආපු කොටියා

පසුගියදා නයිට් සෆාරි ක්‍රමය ඇරඹීමෙන් පසු රාත්‍රී කාලයටද විවෘතව තැබෙන දෙහිවල සත්තු වත්තට මේ වනවිට විදෙස් රටවලින් අලුත් සතුන් ගෙන්වීම ලහිලහියේ අරඹා තිබේ.

එම වැඩසටහන යටතේ අලුතින්ම තනන ලද කූඩුවක ගාල් කළ

ලයිසන් ගන්න මානසික වෛද්‍ය වාර්තාවකුත් ඕන වෙයි

රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද ඉදිරියේදී මානසික වෛද්‍ය වාර්තාවක් ද ලබා දීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ  දිනෙන් දින සිදුවන රිය අනතුරු

ලෝකයේ මීලඟ අංක එකේ ධනපතියා වෙන්න යන ශ්‍රී ලාංකිකයාගේ වගතුග මෙන්න

ඇමරිකාවේ වොරන් බොෆට් ලෙස ඇතමුන් හඳුන්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන චමිත් පලිහපිටිය පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු කතා බහ කරනවා.ඒ පසුගියදා ඔහුගේ Social Capital Hedosophia Holdings Corp මූලික කොටස් එකතුව වෙළඳ පොලට නිකුත් කිරීමත් සමඟින්.ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේදී මෙම කොටස් නිකුතුව සිදුවුනු අතර මෙමඟින් කුඩා

ගැමි දැරියක සමාජ ශාලාවක හෙළුවැලි නැටුමට යොදාගෙන

පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටියදී වැලිකඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවාය.

රාති‍්‍ර සමාජ ශාලාවේ අනෙකුත් නළඟනන් සමඟ මෙම දැරියද අඩ නිරුවතින් නැටීමට යොදවාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැලිකඩ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. දුම්මලසූරිය

ඔසරි පොටේ සිද්ධියට ආණ්‌ඩුකාරවරියට කට උත්තර දෙන්න ප්‍රින්සිපල් අද එයි

මනමාලියකට ගිනස් වාර්තා තැබීමේ වාණිජමය පුද්ගලික උවමනාවක් වෙනුවෙන් මංගල ඔසරිපොටක් ගන්නෝරුවේදී මහ පාරේ ඔසවාගෙන සිටීමට අලවතුගොඩ පාසල් ශිෂ්‍යාවන් 250 ක්‌ පමණ යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඇරඹි පරීක්ෂණ වලට අමතරව මධ්‍යම පළාත් ආණ්‌ඩකාර

19 හැවිරිදි තරුණියකට බස්රථයක් තුළදී ලිංගික අතවර කළ තරුණයා රිමාන්ඩ්

ගම්පහ උපකාරක පන්තියකට පැමිණි 19 හැවිරිදි තරුණියකට බස්රථයක් තුළදී ලිංගික අතවර කළ 23 හැවිරිදි තරුණයෙකු ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

කැලණිය,ගෝනවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

ගම්පහ නගරයෙන් ආරම්භ වී මීගමුවට ධාවනය වන පෞද්ගලික බස්රථයක් තුළදී සැකකරු ඉතාමත්

ඖෂධයක් විස වීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට -(Photos)

ගම්පහ මහ රෝහලේ සිට මාරු කර එවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු තුන හමාරක් වයසැති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ ගම්පහ මහ රෝහලේදී ලබා දුන් ඖෂධයක් විස වීමෙන් මෙම මරණය සිදුවු බවටයි.




ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණාත්මක අඩියක

පසුගිය කාලයපුරා විවිධ පාර්ශව විසින් දෝෂාරෝපණ එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හි විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විවිධ අදහස් පළකර තිබූ අතර මේ වන විට අදාල සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය

ගාල්ල ප්‍රදේශයේ නිවසකින් ග්‍රෑම් 200 ක් බර බිත්තරයක්

ගාල්ල දික්කුඹුර අන්දුගොඩ පතනිගහවත්ත නිසල නිවසේ පදිංචි හීනටිගල විතානගේ කරුණාරත්න වයස (52) මහතා 2002 වර්ෂයේ සිට මේදක්වා  වසර 15 ක කාලයක සිට කුකුල් පාම් එකක් පවත්වාගෙන යයි.

කරුණාරත්න මහතාට දියණියන් දෙදෙනෙකු සිටන අතර වැඩිමහල් දියණිය ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියක් වන අතර බාල