gossip lanka

ජා-ඇල පවුල් සෞඛ්‍ය සේවිකාවෝ අමුතුම රාජකාරියක

ජාඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පාලනය වන පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැඩි දෙනෙක්‌ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්ගේ නිවෙස්‌වලට නොගොස්‌ මාසිකව පැවැත්වෙන සායනයේදී ඔවුන්ගේ කාඩ්පත්වලට අත්සන් තබන බව වාර්තා වේ.

මා ඉන්නේ සමගි මාවතේ මේ මගේ පළමු දරුවා. පවුල් සෞඛ්‍ය සේවා
මහත්මිය තාම ආවේ දින 2 යි. මා මොනවත් දන්නෙ නෑ. මගේ මවත් මා ළඟ නෑ. මා එයාට පණිවුඩයක්‌ යෑව්වා. අපිට හරි බයයි. අම්මලා කියනවා ඒ අය කියා දෙනවා කියා. ඒ වුණාට අපේ කෙනා එන්නේ නෑ.” කියා එක්‌ තරුණ මවක්‌ අපත් සමඟ කීවාය. සායනයේදී සමහර අය අපේ කාඩ්වලට අත්සන් කරනවා” යනුවෙන් ද කීවාය.

 -දිවයින


gossip lanka