gossip lanka

පුංචි ඡන්දය සාමාන්‍ය පෙළ විභාගයට පෙර !

සමානුපාතික සහ කොට්‌ඨාස සහිත මිශ්‍ර ක්‍රමයට ඡන්දය පැවැත්වීම නීතිගත කරමින් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් කථානායකවරයා ඊට අත්සන් තැබිය යුතු බව මැතිවරණ
කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.

 සැප්තැම්බර් 15 වැනිදාට පෙර කථානායකවරයා විසින් ඊට අත්සන් තැබුවහොත් පළාත් පාලන මැතිවරණය සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය.

සැප්තැම්බර් 15 වැනිදාට පෙර කථානායකවරයා ඊට අත්සන් නොකළහොත් එම මැතිවරණය ජනවාරි මාසයට රැගෙන යාමට සිදු වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.




gossip lanka