gossip lanka

බෝට්ටුවක් පෙරළී සිසුන් 06ක් මරුට

යාපනයේ මණ්ඩතීව් මුහුදේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් හයදෙනෙකු අද (28) දහවල් බෝට්ටුව පෙරලී යාම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය අයගෙන් පස්දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති අතර
අනෙක් සිසුවාගේ මළ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයාගෙන ඇත.

එහිදී එක් සිසුවෙක් පමණක් දිවි බේරාගෙන ඇති අතර අනෙක් සිසුන්ගේ දේහයන් මේ වන විට යාපනය රෝහල වෙත ගෙනවිත් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපොස උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව විනෝදයට මුහුදු ගිය පාසල් සිසුන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති අතර ඔවුන් සියළුම දෙනා වයස අවුරුදු 21 පමණ වන බවද වාර්තා වේ.

යාපනය මුලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යන බවද වාර්තා වේ.


gossip lanka