gossip lanka

එස්.එම්.මරික්කාර්ගෙන් අගමැතිතුමාට සෙත්පතා බෝධි පූජා පිංකමක්

1977 දී එක්සත් ජාතික පක්ෂය විසින් මේ රටේ තුළ සිදු කරන ලද දැවැන්ත ආර්ථික, සමාජීය, සංස්කෘතික පෙරලියේ 40 වන සැමරුම හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන පිංකම් මාලවේ ප්‍රධාන ආගමික උත්සවය ලෙස, ගරු අග්‍රාමාත්‍යතුමාට සෙත් පැතීමේ ආශිර්වාද බෝධි පූජා පිංකම ඊයේ දිනයේ
කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මැතිතුමාගේ සංවිධානයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

gossip lanka