gossip lanka

“ඩෙංගු වැඩිවෙන්නේ ප්‍රධාන මර්දන උපායක් මගහැරීම නිසයි”

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයක් වන රෝගීයා හා මදුරුවා අතර සම්බන්ධය පාලනය කිරීමට සෞඛ්‍ය අංශයේ උනන්දුවක් නොවීම එම රෝගයේ වර්ධනයට හේතුවක් වී ඇති බව වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර මහතා කියා සිටී.

වසංගත රෝග පාලනය කිරීමට වෛද්‍ය විද්‍යාව හැදෑරීම අවශ්‍යම නොවන බව පවසන ඒ මහතා උසස් පෙළ විද්‍යාව හැදෑරූ සිසුන්ටද එය වටහාගත හැකි බවද පවසයි.
උදාහණයක් ලෙස සහ උපකල්පනයක් ලෙස ඩෙංගු මදුරුවන් විසින් සමස්ත ජනතාවටම දෂ්ඨ නොකරන්නේ නම් සතියකට පසු සමස්ත රටේම නව ඩෙංගු රෝගීන් දක්නට හැකි නොවන බව පවසන ඒ මහතා එසේම මදුරුවන් විසින් සියලු ඩෙංගු රෝගීන්ට දෂ්ට කිරීම නවත්වන්නේ නම් සති පහකට පසුව නව ඩෙංගු රෝගීන් සිටිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ ඩෙංගු බෝකරන ඊඩිස් මදුරුවා සැබෑ ලෙසම ඩෙංගු මදුරුවෙක් වන්නේ ඩෙංගු රෝගියකුට දෂ්ට කිරීමෙන් පසුව වෛරසය එම මදුරුවාගේ ශරීරයට ඇතුළුවීමෙන් පසුව වීම නිසා යයි වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගියා හා මදුරුවා අතර සම්බන්ධය මදුරුවන් බෝවීම වැලැක්වීම තරම්ම වැදගත් බවද ඔහු අනාවරණය කළේය.

එහෙත් රෝගීන් රෝහල්වල ප්‍රතිකාර ලබාගන්නා ආකාරය දකින විට ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව පෙනීයන්නේ යයි වෛද්‍යවරයා පැවසීය.

ඩෙංගු රෝගීන් සමූහයක් එක්තැන්වන තැනක මදුරු ගහනය වැඩි නම් තත්ත්වය තවත් භයානක විය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

රෝහල් තුළ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට යම් ප්‍රවනතාවයක් ලබාදුන්න ද වැඩිහිටි මදුරුවන්ගේ ගණත්වය සොයා නොබලන බවටද ඔහු චෝදනා කර සිටියේය.

මීට වසර 20කට පමණ ඉහතදී සිටි මදුරුවන්ගේ ජීවන හැසිරීම වෙනස්වන පාරිසරික තත්ත්වයන් යටතේ වෙනස්ව ඇතැයිද ඒ මහතා කීය.
gossip lanka