gossip lanka

සහකාර වතුඅධිකාරීවරයා කරපු කැත වැඩේට තරුණියක් බංගලාවටම ගිහින් කරපු වැඩේ

ලුණුගල, අඩාවත්තේ සහකාර වතු අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදී  නිල නිවසේ දොර ජනේල්වලට පොරොවකින් පහරදී විනාශ කළ බව කියන රුපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන තරුණියක පොරොවත් සමඟ පෙරේදා(27) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

තරුණියගේ පහරකැමට ලක්වු වතු අධිකාරිවරයා තුවාල ලබා ප්‍රතිකාර
සදහා ලුණුගල දිසාරෝහලට ඇතුලත් කළා.

පානදුර පදිංචි සහකාර වතු අධිකාරිවරයා ඊයේ (27) රාත්‍රි තම නිළ නිවසේ තනියම සිටියදී පොරෝවක් අතතිව පැමිණි ලුණුගල ප්‍රද්ශයේම තරුණියක්  නිල නිවසේ ජනේල් අටකට සහ දොර දෙකකට පහරදි විනාශ කර අනතුරුව නිවසේ සිටි සහකාර වතු අධිකාරිවරයාට අතින් පයින් සහ විදුරු කැබලිවලින් පහර දි තුවාල සිදුකර තිබේන බව පොලීසිය පවසනවා.

අත් අඩංගුවට ගත් රුපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන බව කියන රූමත් තරුණිය විවාහ කරගන්නා බවට වතු අධිකාරිවරයා පොරොන්දුවී වසරකට අධික කාලයක් දෙදෙනා ඇසුරක් පවත්වා පසුව විවාහ කරගැනීමේ පොරොන්දුව කඩකිරීම නිසා සිත් තැවුලට පත් වු තරුණිය මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට තොරතුරු සොයාගත් බවයි පොලීසිය කියා සිටින්නේ.

අත්අඩංගුවට ගත් තරුණිය පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

ඌව පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි ඇල්ලේපොල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දම්මික විරසේකරගේ උපදෙස් මත ලුණුගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ ඇතුලු නිළධාරින් පරික්ෂණ පවත්වනවා.




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka