gossip lanka

දික්වැල්ලයි ගුණෙයි බේරුවා අපේ කොලේ !

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති එකම ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සමත් විය.

ලකුණු 388ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

නිරෝෂන් දික්වැල්ල (81)  හා අසේල ගුණරත්න (නොදැවී 80) හයවැනි
කඩුල්ලට ලකුණු 121ක සම්බන්ධතාවයක් ගොඩ නගමික් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙනයාමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු පහකට ලකුණු 270ක් රැස්කරගෙන සිටි අතර අද දිනයේදී තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 170ක් රැස්කරගෙන සිටියේය.

නමුත් කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් අද දිනයේදී සමත්විය.

කෙසේවුවද, අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වී ඇතත් ඒ කාලය ඇතුළත සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කිසිදා ටෙස්ට් තරගයක් පරාජය වී නැති ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයෙන් පරාජයට පත්වේවිදැයි යන සැකය අද තරගය ආරම්භයේදී පැවැතිනි.

ඒ සැකය තවත් වර්ධනය කර තිබුණේ සිම්බාබ්වේ සමඟ පැවැති ඉකුත් එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 3 - 2 ක් ලෙස සිම්බාබ්වේ වෙතින් පරාජයට පත්වීමය.  එය ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හමුවේ තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාවයි.

ලකුණු පුවරුව


gossip lanka