gossip lanka

විදෙස් ගතවන ශ්‍රමිකයන්ට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමේ සූදානමක්


2018 වසරේ සිට විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම පිළිබදව අවදානය යොමු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ශ්‍රී ලාංකික
ශ්‍රමිකයන්ගේ ගුණාත්මකබව ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය පිළිබද අවදානය යොමු කළ බවයි.

විදෙස්ගත වන ශ්‍රමිකයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ නිර්නායක කිහිපයක පසුගිය කාලසීමාව තුළ ප්‍රකාශයට පත්වුණා.

කෙසේ වෙතත්, සිදුකරන ලද සමීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඇතැම් නිර්ණායකයන් කඩ කරමින් බොහෝ පිරිස් විදේශ ගත වන අතර, ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන ද ඊට අනුබල සපයන බවයි.

මෙම තත්වය වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවදානය යොමු කර ඇති අතර, දින 40ක පුහුණුව අනිවාර්ය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.


gossip lanka