gossip lanka

ශ‍්‍රී ලංකාවේ සිංහලයින් නැති වෙයි..

පිවිතුරු හෙළ උරුමය විසින් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

සිංහල බහුතරය සහනශීලි ප්‍රතිපත්තිය නිසා හැමෝම ටොකු අනින්නේ සිංහලයාට.  ඔය ඥාණසාර හිමිට බැන වදින එන්ජිඕ රැලේ එක්කෙනෙකු විග්නේශ්වරන්ගේ ශිවාජිලිංගම්ගේ අසාද් සාලිගේ අන්තවාදි ප්‍රකාශ පිලිබඳ විවේචනය කර තිබෙනවා ද? මේ අය තමයි සැබෑම ජාතිවාදීන්. ඔවුන්ට එක්පාර්ෂවයක වැරදි වාතරක් පේනවනම් අනික් පාර්ෂවය කෙතරම් වැරදි කළත් පේන් නැත්නම් ඔවුන් ජාතිවාදී කෝනයකින් තමයි
සමාජය දෙස බලන්නේ. මේ රටේ ඩොලර්වලින් යැපෙන එන්ජීයෝ නඩය තරම් ජාතිවාදී අන්තවාදී පිරිසක් තවත් නැහැ.

 අපි විග්නේශ්වරන්ට විරුද්ධව පැමිණිලි කළා.  අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා ද? නෑ. සිවාජිලිංගම්ය අසාද්සාලිට විරුද්ධව විවිධ සන්විධාන පැමිණිලිකලා. ඒ වගේම පැමිණිලි කරන්න දෙයකුත් නෑ මාධ්‍ය හරහා අන්තවාදී ප්‍රකාශ කරනවා හැමෝම දකිනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ. සිංහලයට විරුද්ධව විතරයි සියල්ල සිදු වෙන්නේ.

ඥානසාර හිමියන්ගේ භාෂාව පැත්තකින් තියමු. නැගෙනහිර පුරාවස්තු විනාශයක් වෙනවද නැද්ද? දෙවනගල කූරගල කියන ඓතිහාසික බෞද්ධ සිද්ධස්තාන අන්‍යාගමිකයන් විසින් අත්පත්කරගෙනද නැද්ද? මේව මහ පොළවේ සිදුවෙන තිත්ත ඇත්ත. මේවා ප්‍රකාශ කිරීම නෙවෙයි ජාතිවාදය. එම බෞද්ධ පුරාවස්තු විනාෂ කරන පිරිසයි ජාතිවාදය අවුස්සන අන්තවාදය වපුරන අය විදිහට අත්අඩංගුවට ගත යුත්තේ.

හැමෝම සිංහලයාට ටොකු අනින්න හේතුවක් තිබෙනවා.  මේ රටේ සිංහල කියා ඡන්ද බැංකුවක් නෑ.  මේ රටේ දෙමළ මිනිස්සු ඉන්නවා.  මුස්ලිම් මිනිස්සු ඉන්නවා.  ඊට පස්සේ ඉන්නේ යූඑන්පි කාරයෝ ශ්‍රී ලංකා කාරයෝ ජේවීපි කාරයෝ මිසක් සිංහලයින් නොවේ. අන්න එ් නිසයි පදනම් විරහිතව හැමෝගෙන්ම නින්දා පරිභව විදින තත්වයට විවේචනයට ලක්වෙන තත්වයට සිංහල ජනතාව පත්ව සිටින්නේ.

ඒම අවස්ථාවේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු සැපයූ උදය ගම්මන්පිල මහතා

ප්‍රශ්නය –  පසුගිය දා බොදුබලසේනා සංවිධානය චෝදනා කළා ඥානසාර හාමුදුරුවො ප්‍රචණ්ඩත්වයට යොමුකළා නම් උන්වහන්සේට යම් යම් කොන්ත්‍රාතු බාරදුන්නනම් එ් බාරදුන්නේ චම්පිකලා ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කියලා. ඔබතුමත් ජාතික හෙළ උරුමයේ සිටි කෙනෙක් වදිහට එම ප්‍රකාශය ගැන මොකද කියන්නේ?

පිළිතුර  – ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවිධානය අතර සමීප සම්බන්ධයක් තිබුණු බව රහසක් නෙවෙයි. ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවීදානය මහරග එක්ව රැස්වීම් පවා කළා. ඥානසාර හිමියන් සිහල උරුමයේත් හිටියා. ඒ වගේම ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ජාතික සංවිධායක. උන්වහන්සේ 2004 කොළඹින් මැතිවරණයට ඉදිරිපත්වුනා.

බොදු බල සේනාව ඒකාබද්ධව දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙන්නේ ජාතික හෙළ උරුමය සමග පමණයි. ඒ වගේම බොදු බල සේනාව පවත්වපු දැවැන්තම සංඝ සම්මේලනයට රණවක ඇමතිතුමන් ආරාධිතයෙක් ලෙස සම්බන්ධ වුනා. එහෙම සම්බන්ධ වූ එකම දේශපාලකයා එතුමයි මට මතක විදිහට.

උන් වහන්සේ බොදු බල සේනාව ආරම්භ කලාට පස්සෙත්,  බේරුවල රැස්වීම මෙහෙයවන්නේ අද ජාතික හෙළ උරුමයේ සම සභාපතීත්වය දරන හැඩිගල්ලේ විමසාර හමියන්.බොදුබල සේනාවේ වීඩියෝ පට නැරඹුවොත් ඔබට පෙනේවී ඥානසාර හිමියන් කතාව පවත්වන අතරේ ඥානසාර හිමි ලගට වරින් වර පැමින කනට කෙදිරීමේ වගකීම දැරුවෙත්අද ජාතික හෙළ උරුමයේ සම සභාපතීත්වය දරන හැඩිගල්ලේ විමසාර හිමියන්.

විවිධ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට උපදෙස් දුන්නාද නැද්ද කියන එක මම අද කතා කරන්නේ නෑ. ඒ වෙනුවට මම චම්පික රණවක ඇමතිතුමන්ට කියනවා බොරුවට බොදු බල සේනාවට ගහන්න හදලා අපි දන්න දේවල් එළියට දාන්න පසුබිම හදා ගන්න එපා කියලා.

බොදු බල සේනා හා ජාකිත හෙළ උරුමය අතර ඇතිවෙලා තියෙන ගැටුමේ මැදට මම එන්නේ නෑ. නමුත් මම චම්පික රණවක ඇමතිතුමන්ට අනවතුරු ඇගවීමක් කරණවා බොදු බල සේනා ගැන බොරු ප්‍රකාෂ කරලා අපි දන්න දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරන මට්ටමට අපිව තල්ළු කරන්න එපා කියලා.

ඥානසාර හිමියන් මෙහෙව්වාද නැද්ද කියන එක ගැන මට දින වකවාණු සිදුවීම් සහිතව කතා කරන්න පුළුවන්. නමුත් මම එතනට යන්නේ නෑ. මොකට එකට ඉදල වෙච්ච දේවල් ගැන මම එහෙම ප්‍රසිද්ධායේ ප්‍රකාෂ කරණ එක හරි නෑ.

තමුන්නාන්සේලාට මතක ඇති 2014 දෙසැම්බර් 11 මම ජාතික හෙළ උරුමයෙන් එළියට ආව කියල මාධ්‍ය හමුව තිබ්බට පස්සේ මාධ්‍ය වේදීන් රණවක ඇමිතතුමන්ගේ සිංගප්පූරු ගමන ගැන රතන හමිගේ යම්යම් ප්‍රකාෂ ගැන මගෙන් අදහස් ගන්නට හැදුවා.

ඒ අවෂ්ථාවෙත් මම කි්වවේ මම දැන් හෙළ උරුමයෙන් එළියට ඇවිත් ඉන්නේ මින් ඉදිරියට මම ඒ ගැන කතා කරන් නෑ කියලයි. අපිට ඉතාම පදනම් විරහිත චෝදනා නගමින් නඩු දමමින් අපට කළ විනාශය නිසා අපිට ඒ ගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වන්නට වුනා.

මේ සිදු වීමෙදි මම අනතුරු ඇගවීමක් විතරක් කරල ඉන්නවා. අපි බලමු ඉදිරියේදී අපිට මීට වඩා විවෘතව මේ ප්‍රශ්නය කතා කරන්නට වේවිද කියලා.

ප්‍රශ්නය –  චෝදනාවක් තිබෙනවා පාඨලී ඇමතිතුමන් ඥානසාර හිමයන් සගවාගෙන ඉන්නවා කියලා.

පිළිතුර – මම ඉස්සරනම් රණවක ඇමතිතුමන්ගේ ගෙදර එතුමන්ගේ නිදන කාමරයටද වැසිකිළියටද මුළුතැන් ගෙටද මේ හැම තැනම රවුම් ගැහුවා. දැන්මම ඒ ගෙවල් පැත්තේ යන්නේ නෑ. ඒ නිසා ගේ ඇතුලේ ඉන්නවද නැද්ද කියලනම් මම දන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

gossip lanka