gossip lanka

වසර 15කට පසුව ලංකාවට එන සිම්බාබ්වේ !

සිම්බාවේ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ පළමු සංචාරය කර වසර 15ක් පිරෙන මේ මාසයේදී නැවත ලංකාවට පැමිණීමට නියමිතය.

ලබන 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් මේ සංචාරය ආරම්භ වීමට නියමිත අතර මෙවර සිම්බාබ්වේ ක්‍රිකට් පිල ලංකාවට පැමිණෙන්නේ එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 5කට සහභාගිවීමටය.

ගාලු පිටය සිය පළමු එක්දින තරගය පැවැත්වීමෙන් වසර 17කට පසුව මේ තරගය සඳහා ක්‍රීඩංගන පහසුකම
සපයනු ලබයි. ගාලු පිටියේ මංගල තරගය පැවැතුනේ 2000 වසරේ වන අතර එහිදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු පිල ලකුණු 37කින් පරාජයට පත් කිරීමට සමත් විය.

සිම්බාබ්වේ හා ලංකාව අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය ජුලි 14 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වේ.

තරග කාල සටහන මෙසේය

ජූනි 30 - පළමු එක්දින තරගය (ගාල්ල)
ජූලි 02 - දෙවැනි එක්දින තරගය (ගාල්ල)
ජූලි 06 - තෙවැනි එක්දින තරගය (හම්බන්තොට)
ජූලි 08 - සිව්වැනි එක්දින තරගය (හම්බන්තොට)
ජූලි 10 - පස්වැනි එක්දින තරගය (හම්බන්තොට)
ජූලි 14 - පළමු ටෙස්ට් තරගය (කොළඹ)
gossip lanka