gossip lanka

සයිටම් විසඳුමෙන් රට කබලෙන් ලිපට දාලා

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විසඳුම රට කබලෙන් ලිපට දැමීමක් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(26දා) පැවසීය.

‘සයිටම්’ වත්මන් ආණ්ඩුවේ අවසානය තීන්දු කරන ‘අයිටම්’ එක බවට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජාතික ව්‍යාපාරයට මූල්‍ය දායකත්වය ලබාදුන් නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් සයිටම් ආයතනය කොටස් වෙළෙඳපොළට දැමීමෙන් අනාගතයේදී එහි අයිතිය කුඩු ව්‍යාපාරියෙකුට හෝ බාර් හිමියෙකුට හිමිවීමට ඉඩ ඇති බවද ඒ මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම්‍යශීලී වෙමින් වැඩවර්ජනය නතර කර තිබුණද, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලබාගැනීමට වර්ජනය නතර කර ඇතැයි වෛද්‍යවරුන්ට සරදම් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා නැවත වර්ජනයක් සිදුකරන ලෙසට බල කරමින් සිටින බවද ඔහු පැවසීය.

සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යනුයේ ලෝකයේ නොදියුණු රටවල් විසින් බවයි.
gossip lanka