gossip lanka

Manusath Derana | මනුස්සකමට කොළඹට වී මඩ ගහන අන්තර්ජාල අපතයින්ට දෙරණේ චතුර කණ පුරා දෙයි.. [Video]

දිවයින පුරා අපාදවාට පත් වූවන්ට හැකි පමණින් සහාය දැක්වීම සදහා දෙරණ රූපවාහිනී නාලිකාව විසින් ක‍්‍රියාත්මක කර ඇති
‘මනුසත් දෙරණ’ වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ එල්ල කර තිබූ අපහාස අවලාද ගැන මාධ්‍යවේදී චතුර අල්විස්
දෙරණ අරුණ වැඩසටහනේදී අදහස් පල කලේය.

තවද අන්තර්ජාලය තුල මෙම පුවත සම්බන්දයෙන් ජනතා අදහස් දැක්වීම් පලව තිබු අතර ඉන් උපුටා ගත්  අදහස් දැක්වීම් පහතින්

දෙරණ හෝ වෙනත් Media එකකින් හරි Donation කරන භාන්ඩ වල එයාලගෙ Name එක හෝ ⁣
යම්කිසි හදුනාගැනීමක්සටහන් කරන එක අනිවාර්යයෙන්ම කල යුතුයි,
මොකද මේ භාන්ඩ යම්තාක් දුරකට අනිසි බාවිතයට යා හැකි බවට සැක කරන්න පුළුවන් නිසා, ඒක වලක්වන්න හැකියාවක් තියෙනවා
එහෙම Identify stickers වලින්, ඒකට ඉතින් "මණුසත් දෙරණ" sticker එක අලවල බෙදුවට ඒක ප්‍රශ්නයක්
නෙමේ ලැබෙන්න ඕන මනුස්සයන්ට ලැබෙන්න ඕන දේවල් ලැබෙනවනම් එච්චරයි නේ, අනික දෙරණ ඔවුන්ගේ සේවකයි⁣න්ගේ
ශ්‍රමය වැය කලා ඔවුන්ගේ ගුවන් කාලය වැය කලා ලොකු campaign එකක් කරල ආධාර එකතු කලා,
ඒව අසරණ මිනිස්සුන්ට හරියට බෙදල දෙනවා, ඉතින් උන් උන්ව Marketing කලාට වරදක් නෑ,
අපේ රට කවදාවත් ඉස්සරහට යන්නේනැත්තේ අපේ උන්ගෙ තියෙන "කුහක කම" නිසා
හොද දැකපන් හාර හාර නරකක්ම හොයන් නැතුව.

දෙරණ මාධ්‍ය ජාලය පමණක් නොව අප හට වාර්තා වන අන්දමට ලංකාවේ බොහෝ මාධ්‍යජාල ආපදාවන්ට පත් ජනතාවට බෙදා තිබු භාණ්ඩ වල ඔවුන්ගේ ආයතන නාමයක් සදහන් කර තිබු අතර ගංවතුර ආපදා අවස්ථාවේදී වතුර බෝතලයකින් හෝ ආධාර නොකර දේශපාලන පත්වීම් මගින් කොළඹ ඒසී කාමර වලට වී මාධ්‍ය වෙත මඩ ගහනා මෙවැනි අන්තර්ජාල අපතයින් ගැනත් මෙවැනි කුහකයින් තමන්ගේ මාධ්‍යඅංශ වල තබා ගන්නා තකතීරු දෙශාපාලකයන් ගැනත් අපහට ඇත්තේ කණගාටුවකි

gossip lanka